අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහී අවසන් බව මෙරට හිටපු වසංගත රෝග ප්‍රධාන විශේෂඥ වෛද්‍ය නිමල් අබේසිංහ මහතා සඳහන් කරයි.
කොරෝනා පලමු රැල්ලෙන් පසුව සිදු වූ නොසැලකිල්ල එයට හේතු වූ බවද ඔහු පෙන්වා දෙයි.
අද වන විට වසංගත රෝග විද්‍යා අංශය නොසැලකිලිමත්ව කටයුතු කරන බවටද ඔහු චෝදනා කරයි.
වසංගතය පාලනය කිරීම සඳහා නිවැරදි උපදෙස් ලබා දීමක්වත් නොපෙනෙන බවත් කිසිම කෙනෙකු හෝ ආයතනයක් සම්බන්ධිකරණයක් කරන බවක් නොවන බවත් ඔහු කියා සිටියි.
එකිනෙකා හුදෙකලා ව කටයුතු වන බවක් පෙනෙන්නට ඇති බවත් විශේෂඥ දැනුම ඇති කමිටුවකින් වසංගතය පාලනය කරන බවක් නොපෙනෙන බවත් ඔහු පවසයි.
ඒ මහතා මේ බව සදහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...