දේශීය පුවත්

තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙස ඇයට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව පසුගිය දිනෙක වෛද්‍යවරියක විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශෛල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහිව මෙලෙස පැමිණිල කර ඇත්තේ එම රෝහලේම සේවය කරන සාගරිකා දිලූෂානි සේනානයක නම් වෛද්‍යවරියයි.

දරුගැබ විනාශ කරගන්නා ලෙස බලපෑම් කර ඇති මෛ වෛද්‍යවරයා වෛද්‍යවරිය එය ප්‍රතික්ෂේප කරවිට ‘‘ඇයි තමුසේ ශාපි විරෝධියෙක්ද‘‘ යි කියමින් නිතරම ඇයට හිංසා කිරිමට පටන් ගෙන තිබේ.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සමග හැප්පීමට තමාට නොහැකි බව ද එම කාර්යාංශය තමාට දැනුම් දුන් බව වෛද්‍ය දිලුක්ශානි සේනානායක සඳහන් කරයි.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා කරන මෙම පහරදීම් හා බලපෑම් සාමාන්‍ය දෙයක් බැවින් ඒවා ඉවසා සිටීමට පුරුදු වන ලෙස කරාපිටිය රෝහලේ අන් වෛද්‍යවරුන් තමාට උපදෙස් දුන් බව ද මෙම සිද්ධියට මුහුණදුන් දිලුක්ශානි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි .

වෛද්‍ය දිලුක්ශානි සේනානායක මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක වැඩසටහනට එක් වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More