මන්නාරමේ මුස්ලිම් වැසියන් පිරිසක් බන්ධනාගාරගතව සිටින මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වී ඇති බව වාර්තාවේ.
මන්නාරම් නගරයේ මුස්ලිම් තරුණයින් පිරිසක් විසින් මන්නාරම බසාර් වීදයේ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු බව පැවසේ .
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඉල්ලීමට අමතරව කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාව පුලුස්සා අවසන් කටයුතු නොකරන ලෙසටද ඉල්ල්ලමින් විරෝධතාකරුවෝ විරෝධතාවල නිරත වූ බව පැවසේ.
විරෝධතාකරුවන් පවසා සිටියේ මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් උතුරු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පිහිට වූ එකම නායකයා බැවින් මුස්ලිම් ජනතාවගේ ගැටලු වෙනුවෙන් රටට හඬක් නැගීමට සිටින පක්ෂ නායකයෙකු බන්ධනාගාරගතව සිටීම දැඩි ලෙස හෙලා දකින බවත් මන්ත්‍රීවරයා වහාම නිදහස් කිරීමට වත්මන් රජය විසින් පියවර ගත යුතු බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...