ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ විශ්‍රාමික වසංගත රෝග විශේෂඥයෙකු සඳහන් කළේ පමා වී හෝ ජනාධිපතිතුමා විසින් නිරෝධායන ඇඳිරි නීතිය දැඩි කිරීම සඳහා ගනු ලැබූ තීන්දුව අගය කරන බවය.
එහෙත් ඉන්දියාව සිදු කළ ආකාරයට නියමිත වේලාවේදී සතියක් රට වැසීම වෙනුවට එම සතිය පමා වී මාසයක් වැසීම මඟින් ඉගෙනගත් පාඩම ශ්‍රී ලංකාව ඉගෙන ගත්තා නම් වඩා හොඳ බවද ඔහු පවසයි.
ඔහුට අනුව බ්‍රැන්ඩික්ස් පොකුර හඳුනාගත් සැණින් කළ යුතු වූ දේ පමා වූයේ සෞඛ්‍ය අංශ වල නායකත්ව දුර්වලතා නිසාය.
ඉන්දියාවේ සිදු වූයේ එහි අනෙක් පැත්ත බවද ඔහු කියයි. එනම් සෞඛ්‍ය අංශවල මතය නොසලකා අගමැති මෝධි තීන්දුව පමාකොට ඉන් පසුව දින 30 ඇඳිරි නීතිය පැනවුවද අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වූ බවයි.
ශ්‍රී ලංකාවේදී සෞඛ්‍ය අංශ දෙපැත්තට අදිමින් සිටියදී ජනාධිපතිවරයා හෝ තීන්දුව ගැනීම අගය කළ යුතු බව ඔහු කියයි.
එහෙත් ඔහුගේ මතය අනුව පමාවට වන්දියක් ගෙවීමට සිදුවිය හැකිය. ඒ අතර යම් කර්මාන්තශාලා විවෘත කිරීමට ඉඩ දීමද ඔහුගේ විවේචනයට ලක් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...