ශ්රී ලංකා මහ බැංකුවේ පුරෝකථනයට අනුව කොවිඩ්19 වෛරසයේ බලපෑම් හේතුවෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේදී සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් සියයට 1.7 කින් පසුබෑමට ලක්වීමට නියමිතය.
‘මෑතකාලීන ආර්ථික ප‍්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා’ නමින් ශ‍්‍රී ලංකා මහ බංකුව විසින් ඔක්තෝබර් 31 දා සවස නිකුත් කළ නවතම වාර්තාව මගින් ආර්ථික වර්ධන වේගය සෘණ වීම පිළිබඳව ප්‍රථම වරට අදහස් දක්වා ඇත.
කෙසේ වුවද ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු කොවිඩ්19 වෛරස ආසාදන තත්ත්වය ආරම්භ වීමෙන් පසු, 2019 වසරේ සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව පසුගිය අපේ‍්‍රල් මාසයේදී පුරෝකථනය කර තිබුණේ 2020 වසරේදී ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය සියයට 1.5 වීමට නියමිත බවයි.
එහෙත් මහ බැංකුව ඔක්තෝබර් 31 වනදා නිකුත් කළ වාර්තාව ඊට හාත්පසින්ම විරුද්ධ වූ පුරෝකථනයක් ඉදිරිපත් කර තීබිම විශේෂයකි. කෙසේ වුවද මහ බැංකුවේ පැහැදිළි කිරීමට අනුව, ශ්‍රී ලංකාව කොවිඩ්19 වෛරසය පැතිරීම හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබේ. මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව, මෑත වසරවලදී විභවතාවට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කළ ශ‍්‍රී ලංකා ආර්ථිකය, කොවිඩ්19 වෛරසය පැතිරීම හමුවේ වෙනදා ශ්‍රී ලංකාව මුහුණ නොදුන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී.
ඔක්තෝබර් මාසයේ දී දක්නට ලැබුණු කොවිඩ්19 වෛරස ආසාදිතයන් නැවත ඉහළ යෑම එක්තරා දුරකට ආර්ථික වර්ධනය සඳහා අහිතකර ලෙස බල පෑ හැකි වුවද, රජය විසින් 2020 වසරේ මැයි මාසයේ දී සමාජ හා ආර්ථික කටයුතුවලට පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග ආර්ථික කටයුතුවල සිදු වූ වේගවත් වර්ධනය මගින් නිරූපණය වූ ආකාරයට 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව නිකුත් කළ ‘මෑතකාලීන ආර්ථික ප‍්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා’ වාර්තාවේ තවදුරටත් සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...