විසිවැනි සංශෝධනය යටතේ පිහිටුවන ලබන පාර්ලිමේන්තු සභාවේ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස ඊ. පී. ඞී. පී. නායක, ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස මුස්ලිම් මන්ත‍්‍රීවරයකු පත් කළ යුතු අතර, ඒ අනුව බොහෝදුරට විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා පත්කිරීමට ඉඩ ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලූ ජාතීන් පාර්ලිමේන්තු සභාව නියෝජනය කළ යුතු බැවින් මෙලෙස මෙම පත්වීම් සිදුකෙරෙනු ඇත.
සාමාජිකයින් පස් දෙනකුගෙන් සමන්විත මෙම පාර්ලිමේන්තු සභාවට නිලබලයෙන් අගමැති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරු පත්වෙති.
එම නම් ලැබීමෙන් පසු පාර්ලිමේන්තු සභාව මේ සතියේදී පිහිටුවීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...