පෙරේදා (01 දා) වනවිට දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135ක් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ බව වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග පැවසීය.
මේ අතුරින් කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත‍්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පිහිටි කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යා හැකි අධි අවදානම් ප‍්‍රදේශ සංඛ්‍යාව 47 කි.
තවත් ප‍්‍රදේශ 92ක් කොරෝනා වෛරසය පැතිරීම අඩු අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙන අතර ප‍්‍රදේශ 161 ක් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයකු හඳුනා නොගත් ප‍්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබේ.
තවත් ප‍්‍රදේශ 88ක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ප‍්‍රජාවට නිරාවරණය වී නොමැති බව අනාවරණය වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...