දේශීය පුවත්

පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ රසායනාගාර සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම අඩු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ වස්කඩුවේදී කොරෝනා වසංගතය පැතිර යෑම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

“මේ වන විට රටේ රෝගීන් දසදහසකට වඩා වැඩිවෙලා. නිරෝධායනය වන ගණන වැඩිවෙලා. වෛරසයේ ප‍්‍රභේදය හේතුවෙන් රෝගය බෝවීම වැඩි බවට හඳුනාගෙන තිබෙනවා. පීසීආර් පරීක්‍ෂණ වැඩිකරන්න කියලා අපි දිගින් දිගටම කිව්වා. පීසීආර් කරපු සමහරු ප‍්‍රතිඵල ලැබෙන තුරු සමාජයේ නිදහසේ සැරිසරනවා. ඉක්මනින් පීසීආර් ප‍්‍රතිඵල නිකුත් කරන්න රජයේ රසායනාගාර සේවා අපොහොසත් වෙලා. මේ පිළිබඳ රජයේ රසායනාගාර සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහාම මැදිහත්විය යුතුයි. අපි කිව්වා දිනකට පීසීආර් ලක්‍ෂයක්වත් කිරීමේ හැකියාව ඇතිකර ගත යුතුයි කියලා. නමුත් තියෙන්නේ 25,000 ක් පමණයිලූ. අපි දන්නේ නැහැ ඒ ප‍්‍රමාණයවත් තියෙනවාද කියලා. මුල්ලේරියාව රෝහලේ මැෂින් එක කි‍්‍රයාවිරහිත වෙලා. මුල්ලේරියාව රෝහල් අධ්‍යක්‍ෂ ඒ සම්බන්ධයෙන් ගත් කි‍්‍රයාමාර්ග මොනවාද? ඔහුට දැක්මක් තියෙන්න ඕනෑ මේ සම්බන්ධයෙන්. ඒ නිසා අපි වහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට රසායනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් මේ සම්බන්ධ ගෙන ඇති පියවර විමසනවා. මුල්ලේරියාව රෝහලේ වගේම කරාපිටිය රෝහලේත් යටිතල පහසුකම් නැති ගැටලූවක් තියෙනවා. පීසීආර් පරීක්‍ෂණ වාර්තා නිකුත් කරන්න දින ගණනාවක් ගත වෙනවා. එතෙක් ඔවුන් සමාජයේ සැරිසරනවා. මේ තත්ත්වය දැඩි අවදානම්. සමහර පෞද්ගලික රෝහල් දිනකට පීසීආර් 1200 ක් පමණ කරනවා. පරීක්‍ෂණාගාර 24 ක් තියාගෙන දසදහසක් කරගන්න රජයට බැරිවෙලා. පුද්ගලික අංශයට පුළුවන් නම් ඇයි රාජ්‍ය සේවයට බැරි? අපි දිගින් දිගටම කිව්වා මෙහෙයුම් මැදිරියක් හරහා මෙය කරන්න කියලා. නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ලේකම් සමගත් සාකච්ඡුා කළා. ඔහු පිළිගත්තා. රසායනාගාරවල ධාරිතාව වැඩි කිරීම රෝගය පාලනය කිරීමට අත්‍යවශ්‍යයි. පීසීආර් ප‍්‍රතිඵල ප‍්‍රමාද නිසා අපි අදටත් සමාලෝචනය කරන්නේ දින 5 කට පෙර රටේ තිබූ තත්ත්වය. හෙට එන රෝගීන් ප‍්‍රමාණය නිශ්චය කරන්න බැහැ. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ජනාධිපතිතුමාටත්, සෞඛ්‍ය ඇමැතිතුමියටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත්, සෞඛ්‍ය ලේකම්තුමාටත් වහාම මේ තත්ත්වයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More