මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය 37 වසරක රාජ්‍ය සේවයෙන් සමුගැනීම සඳහා මේ වන විට සුදානම් වන බවට වාර්තා වේ.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික භාණ්ඩ මේ වන විට ඔහු ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.
පසුගිය දා සම්මතවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පවතින මැතිවරණ කොමිසම අහෝසිවී පංච පුද්ගල නව මැතිවරණ කොමිසමක් පත්වීම සිදුවනු ඇත.
එමෙන්ම එම නව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසට මහින්ද දේශප්‍රිය මහතාට ආරාධනා ලබා තිබුණත් තමන්ට විවේකයක් අවශ්‍ය බව පවසා සිය ධුරයෙන් විශ්‍රාම යාමට ඔහු තීරණය කොට ඇත.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු මෙම නොවැම්බර් මස අගදී ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...