කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත විමත් සමග ලෝක වෙළෙදපොළේ ඛනිජ තෙල් මිල පහත වැටී ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සදහන් කළේ මාස 5 කට පසු ඛනිජ තෙල් මිල අඩුම අගයක් මේ වන විට වාර්තා කර ඇති බවයි.
ලෝකයේ දියුණු ආර්ථිකයන් හිමි රටවල ආර්ථික කටයුතු අකාර්යක්‍ෂම වීම හේතුවෙන් වෙළෙදපොළ වටිනාකම් ද පහත වැටි ඇත. මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය හා ප්‍රධාන පෙළේ ආර්ථිකයන් හිමි රටවල කටයුතු අඩාල වීම තෙල් මිල පහත වැටිමට පුළුල් ලෙස බලපෑ බවයි විචාරකයන් පවසන්නේ.
ඉදිරියේදී රටවල් අගුලුලෑම තවදුරටත් සිදුවුවහොත් ආර්ථික වර්ධනයට ද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපානු ඇති. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 35 යි ශත 74 ක් දක්වා මෙවර අඩුවී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...