දේශීය පුවත්

20 වැනි සංශෝධනයෙන් ලැබූ දේශපාලන බලය තහවුරු කරගැනීම වෙනුවට පුරවැසියන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මුළු රටම එක් විය යුතු අවස්තාව එළඹ ඇති බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති කරු ජයසූරිය එබව කියා සිටියේ, අද (02) දින සිය නිවසේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එසේ පටිගතකල ප්‍රකාශය මාධ්‍යවෙත මුදාහැර ඇත.

තමා අද ජනතාව අමතන්නේ ලංකා ඉතිහාසයේ දරුණුතම වසංගතය ඇති වී දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය රැක ගැනීමට ආහාර වේලක් ලබා ගැනීමට, සිය පවුල් රැක ගැනීමට, ජීවනායෝපයක් ලබා ගැනීමට මහා සටනක යෙදී ඇති අවස්ථාවක බව  කරු ජයසුරිය හිටපු කතානායක වරයා පවසයි.
ජනතාව මුහුණ පා ඇති පීඩනය තම සංවිධානය හොඳින් දන්නා බව පවසන කරු ජයසුරිය, රට හා මහ ජනතාව බේරාගැනීම සඳහා රජයේ නායකත්වයෙන් පියවර ගන්නා ලෙසත්, දේශපාලන බේදයකින් තොරව සෑම දෙනෙකුටම සහනයක් සළසන ලෙසත්, ජනාධිපතිවරයාට සහ රජයට ආයාචනා කර සිටියි.

ලෝකයේ ඉතා බලවත්ම පදවියක් …

පසුගිය සති අන්තයේ කතානායකවරයා 20 වන සංශෝධනය අත්සන් කළ පසු ශ්‍රී ලංකා ජනාධිපති පදවිය ලෝකයේ ඉතා බලවත්ම පදවියක් බවට පත්වු බවද කරු ජයසුරිය පවසයි.
ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේද කියා සිටියි.
”සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රතිපත්තිමය වශයෙන් 20 වන සංශෝධනය සමඟ එකඟ නොවන අතර අනාගතයේදී බලයට පත්වීමට ඉඩක් ඇති බලලෝභි ජනාධිපතිවරයෙකුට මේ බලතල උපයෝගී කරගෙන ආඥාදායක පාලනයක් බිහිකිරීමට හැකිබව අප නැවතත් අවධාරණය කරනවා.
ඒ බිය අප තුළ තියනවා…
ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා මේ අසීමිත බලතල උපයෝගී කරගනිමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරදැමීමට කටයුතු නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා. එතුමා මුළු රටේම රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.
”ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා මේ අසීමිත බලතල උපයෝගී කරගනිමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරදැමීමට කටයුතු නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා. එතුමා මුළු රටේම රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.
ජනාධිපතිවරයාට මේ අසීමිත බලය ලැබුණේ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් විසින් ඊට අනුමැතිය දුන් නිසා බව අප පිළිගතයුතු යථාර්තය වන බව පවසන කරු ජයසුරිය, කෙසේ නමුත් ඒ ආකාරයට 2/3 ක බලය ලබාගත් ක්‍රමවේදය පිළිබදව අදහස් පළකිරීමට මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ නැතැයි ද පවසයි.
එදා පාර්ලිමේන්තුව තුළ 2/3ක ඡන්දය ලබාගැනීම සඳහා අනුගමනය කරඇති ක්‍රම සහ විධි ප්‍රතිපත්ති ගරුක ආකාරයට සිදු වූයේ නම් එය කාගේත් ගෞරවයට පාත්‍රවීමට ඉඩ තිබූ බව ගෞරවණීය සෝභිත නාහිමිපාණන් වහන්සේගේ දර්ශණය අනුගමනය කරන සිවිල් සමාජ ආයතනයක් ලෙස සඳහන් කර සිටින බවද හිටපු කතානායකවරයා පවසයි.

ජාතිකවාදී බලවේග සැනසීමක් !!!

විශේෂයෙන්ම එය එසේ වූයේනම් ජනධිපතිවරයා කෙ‍රෙහි විශ්වාසය තැබූ ජාතිකවාදී බලවේග වලට යම් සැනසීමක් ලැබෙනු ඇතැයි ද කරු ජයසුරිය පෙන්වා දෙයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද ප්‍රකාශ කරන මෙම අදහස් සත්භාවයෙන් කෙරෙන අතර රජය එය මැනවින් තේරුම් ගනු ඇතැයි ඔහු විශ්වාස පළකර සිටියි.
දැන් සිදුවිය යුත්තේ 20 වැනි සංශෝධනය පෙට්ටගමට දමා වසා තබා ජනතාව ජීවත් කරවීමේ මහා කාර්යයභාරයට කැප වීම බව පවසන කරු ජයසුරිය, ”මාස කිහිපයකින් එළිදකින නව ව්‍යවස්ථාවෙන් බලය ලබාගැනීමේ කටයුතු කළ හැකියි” යයි ද කියා සිටියි.

ජනතා කෝපය දැන් රට වටින්ම …

“මෙම කරුණු සඳහන් කරන්නේ ජනතා කෝපය දැන් රට වටින්ම ඇසෙන හෙයින් යයි පවසන කරු ජයසුරිය, 20 වැනි සංශෝධනයෙන් ලැබූ දේශපාලන බලය තහවුරු කරගැනීම වෙනුවට පුරවැසියන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මුළු රටම එක් විය යුතු අවස්තාව එළඹ ඇති බව තම සංවිධානයේ හැඟීම බව අවධාරණය කර සිටියි.
කරු ජයසුරිය තවදුරටත් මෙසේද කියා සිටියි.තිත්ත ඇත්ත :පසුගිය සති කිහිපය තුළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, යුධ හමුදාව, හා පොලීසිය කොවිඩ් 19 වෙනුවෙන් සටන් කරද්දී රජයේ සමහරුන්, 20 වන සංශෝධනය වෙනුවෙන් රට දෙවනත් කළ ආකාරය බුද්ධිමත් ජනතාවට රහසක් නොවේ.එය තිත්ත ඇත්තයි.මිනිසත් බවේ නාමයෙන් අපි කියන්නේ දැන්වත් 20 න් ලබාගත් බල තන්හාව නවත්වා අප‍ගේ ජනතාව ජීවත් කරවීමට මුළු රටම අත්වැල් බැඳගන්නා ලෙසයි.
එසේ කළ හැක්කේ පටු දේශපාලනයෙන් ඉවත් වුවහොත් පමණයි.ආයතනයක් වශයෙන් අපිට රජය හෝ ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමට හෝ විවේචනය කිරීමට අවශ්‍ය නැත.අපගේ කිසිවෙකුට දේශපාලන අභිප්‍රායක් නැත.
නමුත් හරි දේට හරි කියන්නටත්, වැරදි දේට වැරදියි කියන්නටත්, අපට ආත්ම ශක්තියක් තිබෙනවා.
නිදහසට පෙර උපන් පුද්ගල‍යෙකු වශයෙන් හා මෙරට දේශපාලන සංස්කෘතිය තේරුම්ගත් පුද්ගලයෙකු වශයෙන් විධායක බලතල නුසුදුසු පුද්ගලයින් විසින් විවිධ අවස්ථාවන් වලදී උපයෝගී කරගත් ආකාරය අපට පහැදිළිව සඳහන් කළ හැකියි.
1978 ව්‍යවස්ථාවෙන් බිහි කළ විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතු යැයි 1995 දී පැවති පක්ෂ සම්මේලනයේ දී අප යෝජනා කළේ එහි ආදීනව තේරුම් ගත් නිසයි.”1978 ව්‍යවස්ථාවෙන් බිහි කළ විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතු යැයි 1995 දී පැවති පක්ෂ සම්මේලනයේ දී අප යෝජනා කළේ එහි ආදීනව තේරුම් ගත් නිසයි.”1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එදා අපිත් සමඟ එක්ව සිවිල් සමාජය හා ජනතා විමුක්ති පෙරමුණේ සහභාගීත්වයෙන් 17 වැනි සංශෝධනය ගෙන ඒමට ක්‍රියා කළේ විධායක බලය අයුතු ලෙස පාවිච්චි කරන ලද වයඹ මැතිවරණයේ දී සිදුවූ ක්‍රියාවන් දෙස බැලීමෙන් එතුමිය තේරුම් ගත්තා පළාතේ සමහර මන්ත්‍රිවරුන් විසින් නින්දිත ආකාරයට මිනී මැරීමට, ගෙවල් ගිණි තැබීමට, විරුද්ධ දේශපාලන විරුද්ධ මතධාරීන් ගේ අත් පා කැඩීමට, ගල්කටස්, අත් බෝම්බ වාහන වලට දමා මාස ගණන් හිර කර තැබීමට, කාන්තාවන් නිර්වස්ත්‍ර කිරීමට ක්‍රියා කළ ආකාරය බොහෝ දෙනෙකුට මේ සිද්ධි අමතක වී නැහැ.ඊටත් වඩා විනාශකාරී වූ 18 සංශෝධනය 2015 දී ජනතාව ප්‍රතික්ෂේප කළ ආකාරය නැවත සඳහන් කළ යුතු නැහැ.එමෙන්ම 19 වන සංශෝධනයේ ලෝකයම පිළිගත් සිද්ධාන්ත ඇතුළත් වුවත්, ඊට විරුද්ධව සැළසුම් සහගත ලෙස සමහර මාධ්‍ය ආයතන විසින් ගෙන යන ලද ගොතන ලද බොරු ප්‍රචාර නිසා ඒ ගැන වැරදි මතයක් රටේ ඇති කිරීමට හැකි වුණා. සමහර අසරණ පුද්ගලයින් මුලා කිරීමට හැකි වුණාසමහර අය විසින් ආගමික මධ්‍යස්ථාන පවා දේශපාලන කටයුතු සඳහා පාවිච්චි කළ ආකාරය කණගාටුවට හා ලැජ්ජාවට කරුණක්.අද සමාජය මේ කරුණු පිළිබඳව විවෘත්තව කථා කරනවා.මේ ක්‍රියාදාමයේ යෙදුණු ක්‍රියාකාරී හා ජාතිකවාදී බොහෝ දෙනෙකු පවා සත්‍යය වටහාගෙන දැන් අපට කරුණු හා කණගාටුව පළ කරන්නේ සැමදා බොරුවෙන් ජනතාව මුලා  කළ නොහැක යන සිද්ධාන්තය ඔප්පු කරමිනි.”මේ ක්‍රියාදාමයේ යෙදුණු ක්‍රියාකාරී හා ජාතිකවාදී බොහෝ දෙනෙකු පවා සත්‍යය වටහාගෙන දැන් අපට කරුණු හා කණගාටුව පළ කරන්නේ සැමදා බොරුවෙන් ජනතාව මුලා  කළ නොහැක යන සිද්ධාන්තය ඔප්පු කරමිනි.”අපට හිතන්නට බැරි ආගමික නායකයින්, සිවිල් සමාජ ප්‍රධානීන් හා දේශපාලනඥයින් මේ අතර සිටිනවා.
අවසාන වශයෙන් රාජ්‍යකරණයේ දී ගරු ජනාධිපතිතුමාට යුක්තිය සාධාරණය හා නීතිය රජයන සමාජයක් ඇති කරලීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරනවා.ව්‍යවස්ථා සභාව අහෝසි කළත්, තොරතුරු පණත, ස්වාධීන කොමිෂන් සභා, විගණන ආයතන සහ ස්වාධීන අධිකරණයට හානි නොවීමට ඔබගේ පෞද්ගලික අවධානය යොමු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More