කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙක් බවට ඊයේ (01) හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඔහු ශ්‍රී ලංකා රජය මගින් පවත්වා ගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව සඳහන් වේ.
මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු අඩු කාර්ය මණ්ඩලයක් සහිතව පසුගිය සති කිහිපයේදී සිදු කර ඇති අතර එම කාර්ය මණ්ඩල සාමාජිකයාගේ රාජකාරී ස්වභාවය අනුව ඔහු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ සේවයේ නියුතු නිලධාරීන් සමග ඉතා අඩු වශයෙන් සම්බන්ධ වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
හඳුනාගත් මූලික අශ්‍රිතයින් කිහිපදෙනෙක් පී.සී.ආර් පරීක්ෂණ සහ අනෙක් ක්‍රමවේද සඳහා යොමුකර තිබෙන බවද එම නිවේදනයේ දැක්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...