වැලිසර පිහිටි ජාතික ස්වශන ආබාධ සඳහා වූ පර්යේෂණ රෝහල් ආරංචි මාර්ග පවසා සිටින්නේ 40 හැවිරිදි මහර ප්‍රදේශයේ පදිංචි පිරිමියෙකු ඔක්තෝබර් 31 වනදා කොවිඩ්19 වෛරස් ආසාදනයෙන් මිය ගොස් ඇති බවයි. ඔක්තෝබර් 23 වන දින රෝහලට ඇතුලත් කර ඇත්තේ අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතාවයට ප්‍රතිකාර ගැනීමට වන අතර එදින කරණු ලැබූ පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොවිඩ්19 වෛරස් ආසාදිතයෙකු නොවූ බවට තහවුරු වී ඇති බවයි. කෙසේ වුවද ඔහුගේ මරණයෙන් පසුව කරණු ලැබූ පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොවිඩ්19 වෛරස් ආසාදිතයෙකු බව තහවුරු වූ බව පැවසේ.
සෞඛ්‍යය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව ඔහු කොවිඩ්19 වෛරස ආසාදනයෙන් මිය ගිය 21 වන රෝගියා බවට වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...