නවගමුව වෑක්වත්ත පාරේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් 78 දෙනකුගෙන් 28 දෙනකු කොවිඩ්19 වෛරසය ආසාදිත රෝගීන් බවට හඳුනාගෙන ඇතැයි නවගමුව මහජන සෞඛ්‍ය පරීකෂක කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරසිටී. ඔවුන්ගෙන් 17 දෙනකුම ඉන්දීය ජාතිකයන් ලෙස වාර්තා වීම විශේෂත්වයකි.
කර්මාන්ත ශාලාවේ බලධාරීන් විසින් පෞද්ගලික සෞඛ්‍ය අංශ මගින් සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී සේවකයන් කීපදෙනකු කොවිඩ්19 වෛරස ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් පසු ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ හා පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයේදී මෙම රෝගීන් 28 දෙනා සොයාගෙන තිබේ.
එම තත්ත්වය යටතේ සේවකයන් සියළු දෙනා කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට ලක් කර ඇති බවද වාර්තාවේ. සේවකයන් අතරින් කොවිඩ්19 වෛරසය ආසාදිතයන් බවට හඳුනාගත් පිරිස ඊයේ (01 දා) කොස්ගම රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නවගමුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා මාධ්‍යයට පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...