දේශීය පුවත්

පොලිස් නිලධාරීන් අතර කොරෝනා වෛරසය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්තවී යෑමට පටන් ගැනීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට මුහුණ පා ඇත.

වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යෑම නිසා ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර ඒකක හතරක් අලූතින් ස්ථාපිත කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

කොවිඞ් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඊයේ (01 වැනිදා) රාත‍්‍රිය වන විට 150 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.

මේ අතර වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති නිලධාරීන් 3000 ක් ඊයේ රාත‍්‍රිය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත සහ ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ බවද එම ආරංචිමාර්ග කියා සිටියේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති බවට සැක කරමින් නිරෝධායන ක‍්‍රියාවලියට යොමු කළ පොලිස් නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහකාර පොලිස් අධිකාරිවරුන් ඇතුළු උසස් නිලධාරීන් පනහකට ආසන්න සංඛ්‍යාවක්ද සිටින බවට වාර්තාවෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ, කළුතර පොලිස් විද්‍යාලයේ සහ හබරාදුවේ පිහිටි විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයේ තාවකාලික රෝහල් ස්ථාපිත කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතා ‘‘දිවයින’ට පැවසීය.

පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ මෙම පොලිස් නිලධාරීන්ට රෝගය බෝවී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසල හරහා බවය.

පොලිස් ස්ථානවල සහ විශේෂ පොලිස් ඒකකවල ආපන ශාලාවලට මාළු මිලදී ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරීන් හට වෛරසය ආසාදනයවී ඇති අතර පසුව එම වෛරසය ශීඝ‍්‍ර ලෙස අනෙකුත් නිලධාරීන් අතර ද පැතිර ගොස් ඇති බව මූලස්ථානය පවසයි.

මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විශාල පිරිසක් වෛරසයට ගොදුරුවී සිටින අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේද නිලධාරීන් රැුසකට රෝගය බෝවී ඇති බව වාර්තාවෙයි.

වෙරළබඩ පොලිසිය ඊයේ වන විට වසා දමා තිබූ අතර මෝදර, වැල්ලවත්ත, බොරැුල්ල ආමර්වීදිය ඇතුළු පොලිස් ස්ථාන රැුසක නිලධාරීන්ට වෛරසය ආසාදනය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More