දේශීය පුවත්

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසක් ගනී.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල අත්කරගෙන තිබේ. ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව වන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතුය. ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි ජනාධිපතිතුමා නියම කරයි.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග අද (01) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 පිළිබඳව අත්දැකීමක් නොතිබූ කලින් අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි විය. එහිදී ගත් උපක්‍රම සහ ක්‍රමවේද ඉවහල් කර ගනිමින් වත්මන් තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අඛණ්ඩව සහ නිරන්තරයෙන් අහඹු පරීක්ෂණ කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. එමෙන්ම ඒවායේ ප්‍රතිඵල කෙටි වේලාවකදී දීමට හැකි උපරිම උත්සාහය ගත යුතුය. පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් හෝ කවර ආකාරයකින් PCR පරීක්ෂණය කෙරුණද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය වේ. පෞද්ගලික රෝහල් සිදු කරන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

කොවිඩ් ආසාදිතයන් හමුවූ පසු ආශ්‍රිතයන් සහ ප්‍රදේශ හුදකලා කරනුයේ පැතිර යාම වැළැක්වීමට ගන්නා කඩිනමි පියවරක් ලෙසිනි. ඉන් ඔබ්බට ගොස් ඇඳිරි නීතිය පැනවීමෙන් රෝග ව්‍යාප්තිය මර්දනය අපේක්ෂා කෙරේ. එබැවින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.

භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරනය අත්හිටුවිමට ද තීරණය කෙරිණ.

රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සති දෙකක කාලයක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් වන බව සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස විය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

රෝග ව්‍යාප්තිය නතර කිරීමෙන් පසුවද ආසාදිතයන් හමුවුවහොත් ඊට හේතු වෙනම විමර්ශණය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් 09 වැනි සඳුදා පෙ.ව 5.00 තෙක් දීර්ඝ කිරීමට ද තීරණය කෙරිණ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 දා තෙක් ඇඳිරි නීතිය පනවනු ලැබිණ.

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More