බස්නාහිර පළාතට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,663ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනයේ නව ආසාදිතයින් 239 දෙනකු හඳුනා ගැනීමත් සමගිනි.
හඳුනාගත් ආසාදිතයින් අතර පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ හා ධීවර වරායන් ආශ්‍රිතව 81 දෙනෙකු ද සිටී.
ඒ අනුව, දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 7083කි.
මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 20කි.
මේ අතර කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5ක පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ද තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේය.
කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හමුවේ මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...