දේශීය පුවත්

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය පාවිච්චි කළ විපක්ෂයේ මන්ත්‍රීවරු රජයට සම්බන්ධ කර නොගන්නා ලෙසට බලකර සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ කැවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් අමරසේකර මහතා  මේ බව පවසා ඇත.

‘‘ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට කුමන පක්ෂයකින් කවුරු ඡන්දය දුන්නත් ඔවන් කිසිවෙක් රජයේ වැඩපිළිවෙළට නොගත යුතු බව ප්‍රධාන කරුණයි. ඔවුන් යම් න්‍යාය පත්‍රයකට අදාළව රජයට පාක්ෂිකව ඡන්දය පාවිච්චි කළා විය හැකිය. මුස්ලිම් මන්ත්‍රීවරු රජයහට ගතහොත් තමන් බවත් වන බවට මන්ත්‍රීවරු කීප දෙනෙක්ම ප්‍රකාශ කර තිබේ.

අපි ඉන්නේ ඒ ස්ථාවරයේමයි. ඡන්දය දුන්නට ඔවුන් රජය තුළට නොගත යුතු බවට අප බලකරමින් කියා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් රජසය දැඩි තීරණයක සිටිය යුතුය. ඡන්දය දුන්නත් ඔවුන්ට කිසිම බලයක් දිය යුතු නැහැ. ඇමති තනතුරු, සංවිධායක තනතුරු මේ කිසිවක් ඔවුන්ට පරිත්‍යාග නොකළ යුතුයි. අපේ සිංහල මිනිසුන්ට ජාතික හැඟීමක් නැහැ. හේතුව මොකක් වුවත් මේකෙන් පෙන්නුම් කරන්නේ අපේ ජාතික ව්‍යාපාරයේ බලාපොරොත්තුව තවම සාර්ථක වී නැති බවයි.

සිංහල ජනතාව ඒකරාශී කර ගැනීමට අපට පුළුවන් වෙලා නැහැ. සිංහල ජනතාව එකතු නොවුනොත් මේ රටට අනාගතයක් නැහැ. ජාතික ව්‍යාපාර වලට හා සිංහල ජනතාවට රට ජාතිය ගැන හැඟිමක් තිබිය යුතු වෙනවා.

මේ වෙලාවේ විපක්ෂයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කළා වගේ විපක්ෂයේ මන්ත්‍රීවරු දස දෙනෙකුට එන්න තිබුණා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම ඉතා හොඳ තීරණයක්. සිංහල ජනතාවට එකතුමුතු වීමේ හැඟීමක් නැහැ. මෙහෙම ගියොත් අපට අනාගතයක් නැහැ. මේ තත්වය තවත් අය බොහොම සූක්ෂමව පාවිච්චි කරන බව තේරුම් ගත යුතුයි. රජයේ සුජාත භාවය කතා කරන ඇතැම් අය දැන් ගොළු වෙලා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More