දේශීය පුවත්

වර්තමාන පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ඝාතනය වීමත් සමගම මෙරට සැඟවී සිටින පාතාල නායකයන් ඇතුළු අපරාධකරුවන් රැසක් හොර රහසේම රටින් පලා යෑමට උත්සාහ කරමින් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

කොළඹ පාතාලයේ ප‍්‍රබලයකු බව කියන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ බිරිඳ පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඇයගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණේ මෙම පාතාල නායකයාද බෝට්ටුවක් උපයෝගි කරගෙන මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා යෑමට සැලසුම් කරගෙන සිටින බවයි.

මේ ආකාරයට කොළඹ පාතාලයේ මෙන්ම දකුණේ පාතාලයේ ද අපරාධකාරයන් රැසක් පාතාල මර්දන මෙහෙයුම්වලට බියෙන් මුහුදු මාර්ග ඔස්සේ රටින් පලා යෑමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා වෙයි.

රටින් පලා යෑමට සැලසුම් කරමින් සිටින මෙම පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව මෙම පාතාල මෙහෙයුම් භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More