කොවිඩ් 19 වසංගතය ගෝලීය මට්ටමින් සැලකිය යුතු ලෙස පාලනය කිරීමෙන් අනතුරුව, නැවත වර්ගීකරණයක් සිදු කරන තුරු ජී.එස්.පී+ සහනය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.
යුරෝපා සංගමයේ පළමු මන්ත්‍රී හා දේශපාලන වෙළෙඳ හා සන්නිවේදන ප්‍රධානී තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ් පසුගිය බ්‍රහස්පතින්දා (29 වැනිදා) වැඩිදියුණු කළ වෙළෙඳපොළ ප්‍රවේශය සඳහා GSP+ යන වෙබ් ජාලය අමතමින් මේ බව නිවේදනය කළේය.
කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව මෙම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමේ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය. මානව හිමිකම්, කම්කරු ප්‍රමිතීන්, පරිසරය ආරක්ෂා කිරීම සහ යහපාලනය පිළිබඳ අන්තර්ජාතික සම්මුතීන් 27ක් අනුමත කර, ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව එකඟවී තිබීමේ කොන්දේසි මත යුරෝපා සංගමය මෙරටට GSP+ සහනය ප්‍රධානය කර ඇත.
GSP+ සහනයේ අරමුණ වන්නේ යුරෝපා සංගමයට වැඩි වශයෙන් භාණ්ඩ වෙළෙඳාම් කිරීම (ආනයනය) තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම හා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීමයි. පසුගිය වසරේ දී (2019) ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවූ අතර එක්සත් රාජධානියද ඇතුළුව ගත් කල සමස්ත යුරෝපයටම ශ්‍රී ලංකාව සිය සමස්ත අපනයනයෙන් 29%ක කොටසක් යොමු කර ඇත. එක්සත් රාජධානිය හැරුණු විට එම අපනයන ප්‍රතිශතය 21%කි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...