දේශීය පුවත්

එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘‘අරුණ’’ට විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවට පැමිණියේ එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීමට යැයි විවිධ පාර්ශ්ව කරන චෝදනා සම්බන්ධයෙන් ‘අරුණ’ ප්‍රශ්න කළ අවස්ථාවේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද එතුමා පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා. හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’
යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More