චින නව තානාපති ෂී.ජිං.හොං මහතා ඊයේ දිනයේ දිවයිනට පැමින ඇත.
චින තානාපති කාර්්‍යාලය නිවේදනක් නිකුත් කරමින් සදහන් කරන්නේ නව තානාපති ෂී.ජිං.හොං මහතා දින 14 ක නිරෝධායන කාල සිමාවෙන් පසු රාජකාරි කටයුතු අරබන බවය.
ශ්‍රී ලංකාවේ තානාපති ෂී.ජිං.හොං මහතා කටුනායක ජාත්‍යන්තර තොටුපොළේ දී පැවැත් වූ නව තනතුර භාර ගැනීමේ දේශනයේදී සඳහන් කර සිටියේ මේ රටේ සුන්දරත්වයත්වයෙ, උද්‍යෝගය හා මිත්‍රත්වය මට දැඩි ලෙස දැනෙන්නට විය. මම ඉන් උණුසුම් හා සංවේදී භාවය ලැබුණේ චීන රජය හා ජනතාව වෙත ලබා දෙන වගකීම් බාර භාරගන්නා මම දූතයෙක් ලෙස මිත්‍රශීලී ශ්‍රී ලංකාවට පැමිණියෙමි. ගෞරව පූර්වකව මෙම වැදගත් වගකීම් භාර ගන්නා බව දන්වමි.
විදේශ සැලසුම් ප්‍රවීණයෙක්
1988 වසරේදී චීනයේ විදේශ සේවයට එක්වී ඇති ඔහු, 1996 වසර දක්වා රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් පිළිබද බීජිං කාර්‍යාංශයේ විවිධ තනතුරු දරා ඇත. එහි ආර්ථික මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස එයින් ඉවත් වී ඇති ඔහු, ඉන්පසු හොංකොංහි චීන කොමසාරිස්වරයා ලෙසත්, විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ දෙවන ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇත.
අන්තර්ජාතික අධ්‍යයනය
2004 වසරේ සිට එම දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියෙකු ලෙසත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇති ලංකාවේ නව චීන තානාපතිවරයා, 2014 සිට 2017 දක්වා බහරේන්හි චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කර තිබේ. 2017 වසරේ ඔහු චීනයේ අන්තර්ජාතික අධ්‍යයන ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.
ඇමරිකන් ගැටුම පාමුල සිට !
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර අර්බුදයක් ඇති වී තිබෙන අවස්ථාවක චීනයේ සිටින ජ්‍යේෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙසේ, මෙරට තානාපතිවරයා ලෙස පත්කර එවීම පහසුවෙන් බැහැර නොකළ යුතු කරුණක් බව රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ මෙරට ජ්‍යේෂ්ඨයෝ අවධාරණය කරති. මෙරට නව තානාපතිවරයා චීනයේ අන්තර්ජාතික අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කාලයේදී, ආසියානු කලාපය සම්බන්ධයෙන් විශේෂයෙන් පර්‍යේෂණ පැවැත්වූ අයෙකු බවද ඔවුහු සදහන් කරති.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...