දේශීය පුවත්

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ.

රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර් 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියන කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවසේ පැවති චාරිත්‍රයකි. එය සිහි ගන්වමින්, කඨින චීවරය සැකසීම සඳහා අවශ්‍ය නූල් ජනපති නිවසේ දී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදෙනු ලැබීය.

මැදිරිගිරිය, බිසෝපුර ගම්වැසියෝ මේ නූල් භාවිත කරමින්, අත්යන්ත්‍ර යොදා ගනිමින් කඨින චීවරය සැකසීම අද (31) සිට ආරම්භ කෙරේ.

පුරා සතියක් වියනු ලබන තනි පොට සිවුර 07 වැනිදා මහා පෙරහරින් සෝමාවතී පුදබිමට වැඩම කෙරේ. සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි රාජ්‍ය කඨින මහෝත්සවයේදී චීවරය සාංඝික කර පසුදින දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් පඬු පොවනු ලැබේ.

මේ වසරේ සිට රාජ්‍ය කඨින මහෝත්සවය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙරට වැඩ වෙසෙන 40,000කට අධික භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන නිසි ප්‍රමිතියෙන් යුත් සිවුරු ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ආනයනය කෙරේ. දේශීය අත්යන්ත්‍ර භාවිතයෙන්, ඉහළ ප්‍රමිතියකින් යුතුව එම සිවුරු අවශ්‍යතාව දේශීයව සපුරාලීමට ඉදිරියේ දී පියවර ගන්නා බව දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිතුමා සමග පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More