මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය මැඩලීම සඳහා ජනතා සහය සෞඛ්‍ය අංශ වෙත ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමා පවසති.
ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් ඒ ආකාරයෙන් පිළිගැනීම සියලුදෙනාගේම වගකීම වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කළෝය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් හිමි,
“කොවිඩ් උවඳුර ආරම්භ වුණ වෙලාවේ දී ඒ සඳහා විශාල කැපකිරීමකින් සේවය කරපු සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අපේ නිලධාරී මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් සියලුදෙනාටම අපි ඒ විදියට ස්තූතිවන්ත වෙමින්, ඒ අය අපිට දැන් නැවත වරක් දෙන අවවාද අනුශාසනා අකුරටම පිළිපඳින්නට අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම, ජන සමාජයේ ජීවත් වෙනකොට අනිත් අය ඇසුරු කරන කොට මුව ආවරණයක් පැළඳිම, ප්‍රසිද්ධ ස්ථානවලට යනවිට අත සෝදාගෙන යෑම ඒ සියලු දෙයක්ම අපි ඉතාමත් විශ්වාසවන්ත ලෙස ඉටුකළ යුතුයි අපේ රට වෙනුවෙන්. ඒ නිසා අපේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් මිනිස් වර්ගයා වෙනුවෙන් ලොකු උනන්දුවකින් ඉෂ්ට කිරීමට කැපවෙමු.“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...