දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ 18 වන ගුවන් හමුදාපති වරයා ලෙස එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශන කාරගොඩ පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති බව වාර්තා වේ. නොවැම්බර් 02වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි ඒ මහතා ගුවන් හමුදාපති වරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සුදර්ශන කාරගොඩ මහතා 1985 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බඳවා ගත් 14 වන කැඩෙට් කණ්ඩායමේ සාමාජිකයෙකි.

එසේම ඔහු 14වන කණ්ඩායමේ හොඳම කැඩෙට් නිළධාරියාට හිමි සම්මානයට හිමිකම් කීමට සමත් වූවේය. අමෙරිකාවේ ඇලබාමා විශ්ව විද්‍යාලයෙන් මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන්ද උසස් උපාධි හදාරා ඇති ඒ මහතා 2017 වර්ෂයෙ සිට 2019 වර්ෂය දක්වා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. එසේම 2019 වර්ෂයේ සිට 18 වන ගුවන් හමුදාපති වරයා ලෙස පත්වීම් ලබන තෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More