දේශීය පුවත්

කොරෝනා මර්දන වැඩපිළිවෙළේදී මහජන සහය බිඳ වැටි ඇති බව පෙනෙන්නට තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය අඩු අවදානම් කලාප එනම් කොළ කලාප අවදානම වැඩි කලාප වන රතු කලාප බවට පත්කර නොගැනීමට එම කලාපයන්හි ජනතාව හැම විටම කටයුතු කළ යුතු බව පාදෙණිය මහතා සඳහන් කළේය.

විශේෂයෙන් රෝගීන් වැඩිවශයෙන් මතුව ඇත්තේ ආර්ථික කලාපවල වන අතර ඒවායෙහි ජනතාව වැඩි වශයෙන් ගැවසීමත් නිසා වැඩි ව්‍යාප්තියක් දැක ගත හැකි වූ අතර එය එසේ වුවත් ඇඳිරි නීති පවතින තත්ත්වයක වුවද ගිලන් රථ සේවා ක්‍රියාත්මක වීම අවදානම් අඩු කලාපවල සිට අවදානම් වැඩි කලාප වෙත ගමන් කිරීමත්, විශේෂයෙන් පොලිස් හා හමුදා නිලධාරීන් මෙම කලාප අතර ගමන් කිරීමත් දැක ගත හැකි වුවද ඔවුන්ගෙන් කිසිලෙසකින්වත් රෝගය ව්‍යාප්ත නොවුණු බවද පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.

එයින් අදහස් වන්නේ ඔවුන් රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් අනුගමනය කළත් ආර්ථික සැපයුම් ජාල තුළ එය නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති බවයි.

එමෙන්ම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වල වාට්ටුවල වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩල ඔවුන් ලඟට ගොස් ප්‍රතිකාර කරනා අතර ඉන් බොහොමයක් වෛද්‍යවරු, කාර්ය මණ්ඩල තම නිවෙස් වෙත යන අතර ඔවුන් රෝගය නිවසට ගෙන ගොස් නැති බවද ජනතාව අවධාරණය කරගත යුතු බව පාදෙණිය මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

විශේෂයෙන් ඇගළුම් සයැපුම් ජාලය හා මත්ස්‍ය සැපයුම් ජාලය මඟින් මේ මොහොතේ වෛරසය ව්‍යාප්තිය සිදු වූ ආකාරයට ඉදිරියේදී හාල් පොල් ආදී බෙදා හැරීම් ජාල ඔස්සේද වෛරසය ව්‍යාප්ත විය හැකි හෙයින් හැම විටම ඒ ගැන සිතා කටයුතු කළ යුතු බවද පාදෙණිය මහතා පැහැදිලි කරන ලදී.

තමන්ගේ කලාපය රතු කාලපයක් කර නොගැනීමට වැඩි වගකීමක් ජනතාව සතු වන බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350න් 28 කට නැත්නම් පොලිස් කොට්ඨාස 490න් 68කට රෝගය පැතිරි ඇති අතර සෙසු කලාප වල ජනතාව තමන්ගේ කලාපයට රෝගය නොගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.



One thought on “කොළ කලාප, රතු කලාප බවට පත් වීම වැලැක්වීමයි දැන් වැදගත් – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය”

  1. අනේ නිකන් යන්න මහත්තයෝ යන්න.

    අපිටනම් පෙන්නේ ඔහෙලා කරන්නේ දෙසපාලකයින්ගේ අසුචි වැසිකිලි සුද්ද කොරන රැකියාව කියල.

    අද ඇතිවෙලා තිබෙන තත්වයට ඔහෙලා වග කියන්න ඕන. සර් ට සීතාම්බර සළුව අන්දවලා, මිනිහව අද ජනතාව ඉදිරියේ බයිට් සීන් එකක් බවට පත් කොරලා දේශපාලන කනත්තට දැන් දක්කලා තියෙන්නේ මුන් ටික තමයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More