කරන්දෙණිය ප්‍රදේශයේ මාළු වෙළෙඳාමේ නිරතව සිටි වෙළෙඳුන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟින් ඔවුන්ව දඹුල්ල සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබූහ.
තෙල්දෙණිය කන්දකරල්ලියද්ද, උඩිස්පත්තුව සහ දිගන රජවැල්ලේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනට යොමුකිරීමට තෙල්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.
මේ අතර ආනමඩුව කොට්ටුච්චිය ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගීවූ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
අදාළ අවමංගල්‍ය උත්සවයට සම්බන්ධ වූ එම ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක හිමිවරුන් ස්වයං නිරෝධායනට යොමුකර තාවකාලිකව එම විහාරස්ථාන දෙක වසා දැමීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරනු ලැබීය.
කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවය කළ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසති.
එමෙන්ම රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තාවීමත් සමඟ අදාළ කාන්තාව සමඟ ඇයගේ දින 4 ක් වයසැති බිළිඳා ද අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කිරීමට ඊයේ කටයුතු කර තිබුණි.
කොවිඩ් ආසාදිත අදාළ කාන්තාවගේ සැමියා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 39 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර කාන්තාව ගමන් කර තිබු වෙළෙඳසැල් ඇතුළු බැංකු කිහිපයක් වසාදැමීමට ඊයේ කටයුතුකර තිබේ.
මේ අතර බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරුවීමත් සමග අදාළ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත්කර ඔහුගේ ආශ්‍රීතයින් වන තවත් පවුල් 5 ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණි.
මේ අතර කොවිඩ් රෝගීන් 102 දෙනෙකු ප්‍රතිකාර ලබන ත්‍රිකුණාමලය ඊච්චලම්පත්තු රෝහලේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් රෝගීන් මහත් දුෂ්කරතාවකට පත්ව තිබේ.
කඩුවෙල නවගමුව වෑක්කවත්ත පාරේ පිහිටි ලෝහාශ්‍රිත කම්හලක සේවය කළ පුද්ගලයින් 29 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
කුරුණෑගල නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචි පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
ඒ අතරින් සිව්දෙනෙකු නගර සභාවේ සේවය කරන අය වන අතර තවත් දෙදෙනෙක් කුරුණෑගල මාළු වෙළෙඳපොළේ සේවකයින්ය.
ඔවුන්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
කුරුණෑගල මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි තවත් පුද්ගලයින් 8 දෙනෙකුද අහඹු පීසීආර් පරීක්ෂණ මගින් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.
එමෙන්ම කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බව ප්‍රදේශභාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒ අතරින් දෙදෙනෙකු කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් වේ.
ඒ අතරින් එක් අයෙකුගේ බිරිඳ කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රාජකාරි කිරීම හේතුවෙන් එම පොලිසියේ නිලධාරීන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබෙන අතර වාර්තා ලැබීමට නියමිතය.
මේ අතර මීගමුව පිටිපන මහලෙල්ලම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු හමුවී ඇතැයි මීගමුව මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
ඔවුන් අතරින් බහුතරය මීගමුවේ ධීවරයින් වන අතර සෙසු පිරිස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වෙත පැමිණ වෙළෙඳාම්වලට සම්බන්ධ වූ අය බව වාර්තා වේ.
කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු වෛරසය ආසාදිතයින් බව හඳුනාගැනුණේ ඉකුත් 24 වැනිදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...