සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව රජය සමඟ ඡන්දය දුන් මන්ත්‍රීන් අටදෙනාගෙන් හය දෙනෙකුට විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට එම පක්ෂය තීන්දු කර තිබේ.
සෙසු මන්ත්‍රීන් දෙදෙනා වෙනත් දේශපාලන පක්ෂවලින් තේරී පත්වී පසුව සමගි ජන බලවේගයට එක්වූ අයයි. එබැවින් ඔවුන්ට එරෙහිව සමගි බලවේගය විසින් විනය පරීක්ෂණ සිදු නොකෙරේ.
පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත විනය මණ්ඩලයක් පත්කොට 20ට පක්ෂව ඡන්දය දුන් අයගෙන් නිදහසට කරුණු විමසා ඉන් අනතුරුව විනය පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...