ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී අද (15) වැඩසටහනක් දියත් කරනු ලබනවා.

තමන්ට අවශ්‍ය එක්සත් රාජ්‍යයක්ද, ෆෙඩරල් රාජ්‍යයක්ද, සමූහාණ්ඩුවක්ද නැතිනම් වෙනම රාජ්‍යයක්ද යන්න පිළිබඳව විමසීම එවැනි ජනමත විචාරණයක අරමුණයි.
මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු වූ නෙදර්ලන්ත කැබිනට් අමාත්‍ය ඇඩ් මෙල්කර්ට් ද එක්වන බව සඳහන්.
කැනඩාවේ අද දියත් කරන වැඩසටහනින් අනතුරුව ලොව පුරා සිටින ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව ඊට අදාළ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර ඇති බවයි ටී.ජී.ටී.ඊ. සංවිධානය සඳහන් කළේ.
ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව සිය දේශපාලන අනාගතය ජනමත විචාරණයකින් තීරණය කළ යුතු බවත්, එම ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවත්, එම සංවිධානයේ ප්‍රධානියා වන රුද්‍රකුමාරන් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම එවැනි ජනමත විචාරණ තුළින් ලොව පුරා අරගල රැසක් නිමාවට පත් කිරීමට හැකි වූ බවට ටී.ජී.ටී.ඊ. සංවිධානය ඉදිරිපත් කර ඇති උදාහරණවලට වෙනම රාජ්‍යයන් බිහි කළ දකුණු සුඩාන සහ නැගෙනහිර ටිමෝර ජනමත විචාරණ ද ඇතුළත්.
මේ අතර, ඉන්දියාවේ සංචාරයක නිරත වන උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් උතුර – නැගෙනහිර තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.
තමිල්නාඩුවේ තිරුනෙල්වේලි හි ඊයේ (14) පැවති ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ලක් රජය වෙත චෝදනාවක් ද එල්ල කළා.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළ පරිදි උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවට පළා ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ඉඩම් සහ දේපළ යළි ලබාදීමට රජය කටයුතු නොකරන බවයි.

කෙසේ නමුත් මෙම අවස්ථාවේදී උතුර – නැගෙනහිර ජනතාව එක්සත් ශ්‍රී ලංකාවකට සහය දක්වන බව ද උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අවධාරණය කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More