පසුගිය දින වල හදීසියේම ජීවන වියදම අඩු කිරීමේ නාමයෙන් සීනි සඳහා ඉතිහාසයේ වැඩිම බදු සහනය වූ කි.ග්‍රෑම් 1 කට රු. 55 ක බදු සහනය ලබා දුන්නේ පාරිභෝගිකයා හෝ කර්මාන්තය දෙස බලමින් නොව කූඨ ජාවාරම්කාරයින්ගේ උවමනාව සඳහා බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.
ඒ මහතා එසේ ආර්ථික ඝාතක රාජ්‍ය නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල කරන්නේ ” රංගිරි ” රූපවාහිනියේ වැඩ සටහනකට සහභාගී වෙමිනි.
ඒ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කරන්නේ ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් නිළ නොවන ජනාධිපතිවරුන් ලෙස කටයුතු කරමින් රටට මහා විනාශයක් සිදු කරන බවය.
දේශපාලන නායකයින් නිලධාරීන්ට උපදෙස් දීම වෙනුවට නිලධාරීන්ගෙන් උපදෙස් ගෙන වැඩ කිරීම නිසා මෙම තත්වය ඇති වී ඇති බවට ද ඔහු චෝදනා කරයි.
වාස්තු විද්‍යාඥයා විය යුතු දේශපාලකයා බාස් කෙනෙකු නොව අත්වැඩ කාරයෙකු වී බාස් කෙනෙකු විය යුතු නිලධාරීයා වාස්තු විද්‍යාඥයා වීම නිසා එසේ සිදුවන බවද ඔහු කියයි.
අදාල වීඩියෝව පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...