දේශීය පුවත්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා යන දෙදෙනා විපක්ෂයේ සිටිද්දී එම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ආණ්ඩුව නියෝජනය කිරිමේ තත්ත්වයක් දැන් උදා වී තිබේ .

ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා එම පක්ෂ 2ට අයත් මන්ත්‍රිවරුන් 6 දෙනෙකු වන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි ෂබ්රි රහීම්, මොහොමඩ් හාරිස්, ඉෂාක් රහුමාන් සහ එම්. එස්. තවුහික් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීම නිසා ඔවුන්ව සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට පියවර ගෙන තිබෙන නිසාය.

මෙම මන්ත්‍රීවරුන් 6 දෙනා සමඟ තවත් මන්ත්‍රීවරයෙක් හා මන්ත්‍රීවරියක් සමගි ජන බලවේගය මන්ත්‍රී මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කළ බව දන්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ වන විට කතානායකවරයා වෙත ලිපියක් යවා ඇති අතර එම මන්ත්‍රී 08 දෙනාට ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙස ද ඉල්ලීමක් කර තිබේ .

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය දීමට සමගි ජන බලවේගය ගත් තීරණයට පටහැනිව යමින් ඊට පක්ෂව ඡන්දය දීම එම මන්ත්‍රීවරුන් 08 දෙනා එම මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කිරීමට හේතු වී තිබේ .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More