දේශීය පුවත්

මන්නාරම ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඞී. විනෝදන් මහතා මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ ඉන්දියානු ජාතිකයින් සමග සෘජු සම්බන්ධකම් පවත්වන මන්නාරමේ ගම්මාන සියල්ල මේ වන විට හඳුනාගේ ඇති බවත් මින් ඉදිරියට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළි නොපදින පිරිස් සිටින ගම්මාන හුදෙකලා කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ මන්නාරමේ ධීවරයින් මේ දිනවල ධීවර කටයුතු වෙනුවට වියළි කහ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඉන්දීය ජාතිකයින් සමග එක්ව සිටින බවයි. මෙවැනි ජාවාරම් හේතුවෙන් මන්නාරමේ ජීවත්වන ජනයා අතර පමණක් නොව සමස්ත උතුරු පළාතේම කොවිඩ්19 වෛරසසය පැතිරීයාම වර්ධනය වීමට ප්‍රධාන සාධකයක් වී ඇති බැවින් සියලූ දෙනාගේම ආරක්ෂාව උදෙසා ගම්මාන හුදෙකලා කිරීමේ තීරණය හැරෙන්නට ගත හැකි වෙනත් ක‍්‍රියාමාර්ගයක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

මන්නාරම දිත්‍රික්කයේ පට්ටිතෝට්ටම් හා පෙරියකඩෙයි යන ගම්මාන දෙක මේ වන විට වසා දමා ඇති අතර ඉන්දීය ජාතිකයින් සමග සබඳතා පවත්වන බවට මේ වන විට අලූතින් හඳුනාගෙන ඇති සෙසු ගම්මානවලින් කොවිඩ්19 වෛරසය ආසාදිතයන් හමු වුවහොත් එම ගම්මාන ද වසා දමන බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවධරණය කර සිටියේය. උතුරු පළාතේ මේ දිනවල පවතින දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවලට අවසර ලබා නොදීමෙන් මන්නාරමේ ධීවරයින් ඉන්දීය ජාතිකයින් සමග එක්ව නීති විරෝධී ජාවාරම්වල නිරත වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හෙළිදරව් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More