දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අතර හමුවක් පෙරේදා (28 වැනිදා) ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවැත්විණි.
ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ කැඳවුමට අනුව මෙම හමුව සිදුවූ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
මෙහිදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාව ගැනත් මෙරට කාලීන දේශපාලන තත්ත්වය ගැනත් සාකච්ඡා වී තිබේ.
මෙහිදී දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම, උතුරු නැගෙනහිර ජනවාර්ගික ගැටලුවට ස්ථීර දේශපාලන විසඳුම් ගෙන ඒම, පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනුණු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය හා එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ තීරණය වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...