දේශීය පුවත්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර චීනයට චෝදනා කිරීමත් සමග අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකා රජයේ බැඳුම්කර වටිනාකම විශාල වශයෙන් පහත වැටී ඇත.

රොයිටර් පුවත් සේවය ඊයේ (29 වැනිදා) වාර්තා කර තිබූ ආකාරයට කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පහත වැටෙමින් තිබුණු ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල මුහුණත වටිනාකම පොම්පෙයෝගේ චීන විරෝධයත් සමග 40% දක්වා පහත ගොස් තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ විදෙස් ණය ගෙවීමද බරපතළ අර්බුදයකට ලක්වනු ඇතැයි රොයිටර් වාර්තාවේ දැක්වේ.

සිය ආසියානු සංචාරය අතරතුර ශ්‍රී ලංකාවටද පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පසුගිය බදාදා (28 වැනිදා) ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා සමග පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චීනයට බරපතළ විවේචනයක් එල්ල කළේය. චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් ගිලගන්නා විලෝපිකයකු (Preadatior) ලෙස රාජ්‍ය ලේකම්වරයා හඳුන්වා දුන් අතර ආඥාදායකත්වය, අවනීතිය සහ නරක ගනුදෙනු යන වචන යොදාගනිමින් ඔහු චීනයට දැඩි​ ලෙස පහර එල්ල කළේය.

එක්සත් ජනපදයේ ප්‍රකට මූල්‍ය සේවාවක් වන ‘ට්‍රෙඩ් වෙබ්’හි දත්ත උපුටා දක්වමින් රොයිටර් වැඩිදුරටත් අනාවරණය කර ඇති ආකාරයට එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ බදාදා ප්‍රකාශයත් සමග ඇමරිකානු ඩොලර් 2022 කාණ්ඩයේ බැඳුම්කර ‘ශත 50ක’ අගයකින් පහත වැටී ඇත.

මීට අමතරව 2025, 2026, 2027 සහ 2028 යන කාණ්ඩවල බැඳුම්කර සීමාවන් සියල්ල ‘ශත 55’ බැගින් පහත වැටී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More