දේශීය පුවත්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරත් සමග ඇති වූ අලුත් කොවිඩ් රැල්ලේ වයිරසය මීට පෙර මෙරටින් වාර්තා වූ වයිරසය ද නැතහොත් වෙනත් වයිරසයක් ද යන්න සොයා බැලීමේ විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙවර වයිරසය ඉතාමත් වේගයෙන් පැතිර යන භයානක වයිරසයක් බව පෙනී යන බවත් ඒ පිළිබඳ පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට භාරදී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මේ අනුව කන්දකාඩු මිනුවන්ගොඩ, පොකුරු මෙන්ම පෑලියගොඩින් හමු වූ ආසාදිතයන්ගේ වයිරසය සම්බන්ධව ද විද්‍යාත්මක පරීක්ෂණය කෙරේ.

සීදූවේ තරුපහේ හෝටලයකට ඉකුත් සැප්තැම්බර් 11 වැනිදා ස්වයං නිරෝධායනයට නැවතුණු යුක්රේන් ගුවන් යානයක කාර්ය මණ්ඩලයකින් බ්‍රැන්ඩික්ස් පොකුරේ වයිරසය පැතිර ගිය බවට බුද්ධි අංශ විසින් වාර්තා කර තිබිණි.

එය සියයට අසූවක් පමණ නිවැරදි බවත්, තවත් පැතිකඩ ඔස්සේ එය තහවුරු කිරීමට පරීක්ෂණ පවතින බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයේදී මේ සම්බන්ධවද අවධානය යොමු කර ඇත.

තුර්කියේ සිට පැමිණි යුක්රේන් ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයාට සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදනය වී තිබියදී හෝටල් කාර්ය මණ්ඩලයේ දහඅට දෙනකු නිවෙස්වලට සිට දිනපතා රැකියාවන්ට පැමිණ ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන තිබිණි.

මෙම හෝටලයේ සේවකයන් පස්දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස පසුව වාර්තා වූ අතර එම පිරිස යොදා ප්‍රවාහන සේවා භාවිත කිරීම එමගින් වයිරසය බ්‍රැන්ඩික්ස් සේවිකාවන්ට පැතිර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More