දේශීය පුවත්

පින්බර වප් පෝය අදයි

October 30, 2020 3:56 am | Lanka Lead News

වස්සාන කාලයේ පෙර වස් එළැඹුනු භික්ෂූන් වහන්සේ කුසල් දම් පුරා තෙමසකින් වස් පවාරණය කරන වප් පුර පසළොස්වක පොහොය වන්නේ අදයි.

එදා බුදු වදන අදටත් සුරැකෙමින් පෙර වස් එළැඹී පවාරණය කරන භික්ෂූන් වහන්සේට කැප වූ කඨින චීවරය රැගත් පෙරහර ගම්වාසීන්ගේ සාධු නාදය මධ්‍යයේ ගම් නියම් ගම් කරා පිවිසෙන චීවර මාසයේ ආරම්භක පොහොය වන්නේ අදයි.

බුද්ධත්වයෙන් සත්වන වස තව්තිසා දෙව්ලොව වස් විසූ බුදුපියාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කර රන් ඉනිමඟක් මතින් පෙළහර පා දඹදිව සංකස්ස පුරට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බුදුරදුන්ගේ මෙම දෙව්ලොව චාරිකාව පිළිබඳ විස්තරය දේවාවරෝහණ වර්ණනාවෙහි සඳහන් වෙයි. මෙසේ වැඩම කළ බුදුපියාණන් වහන්සේ පුන්සඳ මඬලක් සේ දිදුළමින් සවණක් ගන බුදු රැස් මාලාවන් දස අත විහිදුවා ලූ සේක.

මේ අසිරිමත් දසුනින් පළමුවරට ඔද වැඩුණු සැරියුත් තෙරණුවෝ සිරිපා කමල මත වැඳ වැටුණේ උතුරා යන බුද්ධාලම්භන ප්‍රිතියෙනි. මෙහි දී රැස් වූ දෙව් බඹුන් මිනිසුන් මධ්‍යයේ බුදුහිමියන් විමසූ ප්‍රශ්න රැසකට පිළිතුරු දීමට සමත් වූ සැරියුත් හිමියෝ ප්‍රඥාවන්තයින් අතුරින් අග්‍ර වූයේ වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

සොලොස් අසංක්‍ය කල්ප ලක්ෂයකට පසු මතු බුදුවන මෛත්‍රී බෝසතාණෝ මෙම ධර්ම සංවාදය ඇසීමෙන් අපමණ සතුටට පත් වී ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. ලාංකික මවුපියන්ට දාව උපත ලබා ලක් බිමේ මුල්ම රහතන් වහන්සේ වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ ලංකාවේ ඉගෙන ගත් විනය පිටකය ථූපාරාම සීමා මාලකයේ දී සංගායනා කළේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකුත් මෙරට වැඩම කිරීමට අවශ්‍ය බව දන්වන සංදේශය රැගත් අරිට්ඨ කුමරු සමඟ රාජකීය දූත පිරිස දඹදිව රම්‍ය වූ පැළලුප් නුවරට පිටත් වූයේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදීය. සංදේශය ලබා ගත් අශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙසින් බුද්ධ අධිෂ්ඨානය සිහි ගන්වමින් බෝ සමිඳුන් වෙත පිවිසියේ ය. මහා ප්‍රාතිහාර්ය පාමින් බෝ සමිඳුන්ගෙන් වෙන්වුණු දක්ෂිණ ශාඛාව මුල් සියයක් අද්දවමින් රන් කටාරමෙහි පිහිටියේ අද වැනි පින්බර වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More