“සෞභාග්‍යා කොවිඩ් නයින්ටීන් පුනරුද සහන“ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර 62,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රුපියල් බිලියන 178ක ණය පහසුකම් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ ව්‍යාපාර 61,907ක් වෙනුවෙන් රුපියල් බිලියන 177.9 ක ණය පහසුකම් ලබා දී ඇති බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.
ඉන් සියයට 58ක් සේවා අංශය වෙනුවෙන් ලබා දී ඇති අතර කර්මාන්ත අංශය වෙනුවෙන් සියයට 28ක් සහ කෘෂිකර්මාන්ත අංශය වෙනුවෙන් සියයට 14ක් ලබාදී ඇති බව සඳහන් වේ.
පළාත් අනුව වැඩිම ණය ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ව්‍යාපාර වෙනුවෙන් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. එය සමස්ථ ණය ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 55.1 කි.
දකුණු පළාත වෙනුවෙන් සියයට 9.6ක්, වයඹ පළාත වෙනුවෙන් සියයට 8.2ක් හා උතුරු පළාතේ ව්‍යාපාර 4,814ක් වෙනුවෙන් ද නැගෙනහිර පළාතේ ව්‍යාපාර 2,708ක් ද වෙනුවෙන් ද ණය ලබා දී ඇත.
මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ “සෞභාග්‍යා කොවිඩ් නයින්ටීන් පුනරුද සහන ණය යෝජනා ක්‍රමය“ ක්‍රියාවට නැංවුණු අතර එය අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...