පුරවැසි කොලම

අද ලොව එකම අධිරාජ්‍යවාදී රට ඇමෙරිකාවයි. ලොව වැඩිම රටවල් ප්‍රමාණයක් යටත් කරගෙන හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩනංවා ගත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ය. සෘජුවම තම යුධමය වෙර වීර්යය යොදා රටවල් යටත් කරගනු ලැබුවේ සිය ලෝක බලවතා වීමේ නොනිත් උවමනාව නිසාමත් තම අධිරාජ්‍ය නඩත්තු කිරිම වෙනුවෙන් බොහෝ රටවල සම්පත් කොල්ලකෑවේ ඉවක් බවක් නැතිවය. එසේ කොල්ලකා ගොඩනගාගත් අධිරාජ්‍යයට සිය පැවැත්ම තහවුරු කරගැනීමටදහැකිවූයේ නැත. බොහෝ රටවල් ඔවුන්ගේ සැහැසි අධිරාජ්‍යවාදී වුවමනාවන්ට එරෙහිව නැගී සිටිමින් ජාතික නිදහස වෙනුවෙන් වූ විමුක්ති අරගලයන් දියත් කලේය.

පළමු වරට ශ්‍රි ලංකාව ලොව පළමුවෙන්ම මහා බලසම්පන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව අමතක නොවන පාඩමක් ඉගැන්වූයේ මුලු අධිරාජයම තැතිගැස්මකට ලක් කරමිනි. 1818 පළමු නිදහස් අරගලයෙන් අමතක නොවන පාඩමක් ඉගැන්වූවා පමණක් නොව සිය යටත් විජිතයන්ට යම් ලිහිල් මානූසීය ප්‍රතිසංස්කරණ ක්‍රමවේදයන් හදුන්වා දෙන්නටද තීරණය කරනු ලබන්නේ එනිසාය.එසේ සිය අධිරාජ්‍යවාදී බලපරාක්‍රමයට අභියෝගයක් නොකරන්නට ලොව සියලු රටවල් සිය සැහැසි අරමුණු වලට යටත්ව කටයුතු කරන්නේය.

කෙසේ වුවද විසිවෙනි සියවසේ මැදභාගයේ සිය යටත් විජිත ක්‍රමවේදයන් වෙනුවට නව යටත්විජිත ක්‍රමෝපායික සැලස්මක් දියත් කලේ තම සෘජු යටත් රටවලට නාමමාත්‍රිකව නිදහසක් ප්‍රදානය කිරිමෙනි.. එසේවතුදු ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අරමුණු නතර නොවුයේය. සාහසික අධිරාජ්‍යවාදය වෙනුවට මිතුරුවෙස්ගත් අධිරාජයක් බිහිකරගැනීම ඔවුන්ගේ උපායමාර්ගික සැලසුම විය. දෙවෙනි ලෝක යුද්ධයේ දී සෝවියට් දේශයේ මූලිකත්වයෙන් ජර්මනියේ හිට්ලර් පරාජය කිරිමෙන් අනතුරුව ලෝක බලතුලනය හා ලෝක සාමය වෙනුවෙන් ලොව බලවතුන්ට ක්‍රියාකරන්නට සිදුවිය. ලොව මහා බලවතුන් ලෙස සැලකුණු සෝවියට් දේශය , බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව , ප්‍රංශය ඇතුලු රටවල්වල මූලිකත්වයෙන් ලෝක සාමය සදහා එකගතාවයන් ඇතිකරගෙන තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති නොවන්නට කටයුතු කිරිම හැමගේම වගකීමක් බවට පත්විය. විශේෂයෙන්ම දේශපාලනිකව ලොව බලකදවුරු දෙකක් බිහිවිය .

සෝවියට් දේශය ප්‍රමුඛ කොටගත් සමාජවාදි කදවුර එක් පසෙකින්ද අනෙක් පසින් බ්‍රිතාන්‍ය ඇමෙරිකාව ප්‍රංශය ඇතුලු ධනවාදී කදවුර ලෙසට එය හැදින්විය හැකිය. එම කදවුරු දෙක නිසාම ලෝක බලතුලනයක් ඇතිවුවද බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදී ක්‍රමෝපායන් යටපත් වී ඇමෙරිකානු අධිරාජ්‍යවාදී මාර්ගයන් සකසා ගැනිමේ කූටෝපායික සැලැස්මක් ඇමෙරිකාව දියත් කලේය. ඒ සිය ආර්ථික යුධමය හා දේශපාලන බලය තම කදවුරේ රටවල් අතර ක්‍රියාත්මක කිරිමෙනි. ඇමෙරිකාව සිය කූට සැහැසි අධිරාජ්‍යවාදී අරමුණු සාක්ෂාත් කරගැනීමට සමාජවාදි කදවුරේ පරිධියේ රටවලටද සෘජු බලපෑම් කල අයුරු වැටහෙන්නේ කියුබාවට දමන ලද යුධමය හා ආර්ථික සම්බාධක මෙන්ම වියට්නාමය ආක්‍රමණය කරගැනීමෙනි. එහෙත් එදා ඇමෙරිකාවේ ලෝක චණ්ඩිකම් වලට යම් මට්ටමකට හෝ අභියෝග කරන්න සෝවියට් දේශය ප්‍රමුඛ රටවල් අතලොස්සක් විය.

ඇමෙරිකාවට සිය අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටුකරගැනීමේ ගමනට ප්‍රධාන මාර්ග බාධකය වූයේ සෝවියට් සමූහාණ්ඩුව බව තේරුම් ගත් නිසාවෙන් එය බිදවැට්ටවීමේ උපායමාර්ගික සැලසුම් ජාත්‍යන්තරව දියත් කිරිමේ ප්‍රථිපලයක් ලෙස,පෙරෙස්ත්‍රොයිකා ව්‍යාපාරය හරහා සෝවියට් සමූහාණ්ඩුව දියාරුවී ක්‍රමිකව බිදවැටුනි. අද ලොව කදවුරු දෙකක් නැත. ඇත්තේ යුධමය හා ආර්ථික බලය කේන්ද්‍ර කරගත් ඇමෙරිකාව ය. මීට දශක තුනකට පෙරාතුව ජපානය ලොව බලවත් නිෂ්පාදන ආර්ථිකය හිමි රට විය. එය අදවනවිට වෙනස් වෙමින් කවුරුත් නොසිතු අන්දමින් චීනය ප්‍රධානතම නිෂ්පාදන ආර්ථිකය හිමි රට පමණක් නොවි ඇමෙරිකාව අභිබවන ලද එකම ආර්ථික ශක්තිවන්‍තයාද විය. මෙය ඇමෙරිකාව කිසිසේත්ම නොසිතු නොවිරු දෙයක් වූ නිසාම සිය සැහැසි කෲර අධිරාජ්‍යවාදී අරමුණු ඉටුකරගැනීමේ ප්‍රධාන බාධකයා චීනය බව වටහාගනිමින් චීනය ට එරෙහිව සිය ගෝලබාලයින් එකතු කරගැනීමට කටයුතු කරන්නට වූයේ නොබෝදා ඕස්ට්‍රේලියාව, ජපානය , ඉන්දියාව ජපානයේදි එක්වී චීනයට එරෙහිව ආර්ථික දේශපාලන හා යුධමය වශයෙන් තරවටු කරන්නට ක්‍රමවේදයන් සකස් කරන්නට විය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ආසියාතික කලාපයේ වැදගත් රටවල් වල සංචාරය කරන්නේද එහි ප්‍රථිපලයක් ලෙසය. විශේෂයෙන්ම ඉන්දීය පැසිපික් සාගර කලාපයේ බලය සියතට ගැනීම ඇමෙරිකාවේ එකම අභිප්‍රායයි . එය හුදෙක් චීනයට යුධමය වශයෙන්ද ආර්ථිකමය වශයෙන් ද දේශපාලනිකමය වශයෙන්ද පරාජයේ පාඩම් කියාදීමේ මාර්ග සිතියමයි.

ඇමෙරිකාවේ මෙකි සකලවිධ සැහැසි කෲරත්වයට එරෙහිව බල කදවුරක අවශ්‍යතාවය ලෝක සාමයට අත්‍යාවශ්‍යවූ පෙරවදනක් වනවාසේම ඇමෙරිකානු අධිරාජ්‍යවාදි සිතැගියාවන් පරාජය කිරිමට අත්‍යාවශ්‍ය පෙරමුණු බල ඇණියක්ද වන්නේය. අද ඇමෙරිකාවේ මේ තක්කඩි සල්ලාලකම් වලට එරෙහි වන්නට කදවුරක් හෝ රටක් නැත්තේය. එනිසාමය පහුගිය දශකයේ අරාබි වසන්තය මුවාවෙන් තමන්ට අවනත නොවූ රටවල් සල්ලං කරනු ලැබුවේ. එසේම සමහර රටවල් බෙදා වෙන් කරලූයේද එපරිද්දෙනි. දැන් ඔහුට තම සැහැසි අරමුණු ඉටුකරගැනේමේ ප්‍රධාන අනාගත අභියෝගය චීනය යැයි සිතන නිසා චීනයේ නව දැක්ම වූ ONE NATION ONE BELT පරාජය කරලීමට කඩිනම් පිඹුරුපත් සකස් කරනුයේ එනිසාවෙනි.

ලොව දැනට ව්‍යාප්තවාදි අරමුණු ක්‍රියාත්මක වන රටවල් ඇතත් අධිරාජ්‍යවාදය ක්‍රියාවට නගන එකම රට ඇමෙරිකාවය. එය අනාගත ලෝක සාමයට මෙන්ම ලෝක බලතුලනයටද අහිතකර තත්වයකි. එනිසාම ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට අභියෝගයක් එල්ල කල හැකි කදවුරක් නිර්මාණය විය යුතුය. එවන් කදවුරක් නිරමාණය කල හැකි අද එකම රට වන්නේ ලෝක ආර්ථික බලවතා වූ චීනයට පමණි. එය චීනය කේන්ද්‍ර කරගනිමින් ඇමෙරිකානු සාහසිකත්වයට හා කෲරත්වයට එරෙහිව නව බලඇණියක් විය යුතුවා මිසක් තවත් අධිරාජයක් නොවිය යුතුය.

චීනය ප්‍රධාන කොටගනිමින් ගොඩනැගිය යුත්තේ එවන් ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වූත් ලෝක බලතුලනය හා ලෝක සාමය ආරක්ෂා කරගැනීමේ මහා මානුෂවාදී පවුරක් ය. චීනයට ඒ සදහා ආර්ථික යුධමය හා භූ දේශපාලන ශක්‍යතාවයක් ඇත්තේය. එය ඇමෙරිකානු මිනිසුන්ට හෝ අනෙක් රටවලටත් එහි මිනිසුන්ටත් විරුද්ධවීමක් ලෙස නොවන අතර එය ඇමෙරිකන් අධිරාජ්‍යවාදයටත් එහි සාහසික, තක්කඩි කකෲරත්වයට එරෙහිව අභියෝග කල හැකි ඉදිරි කදවුරක් වනු ඇත.

අනුරාධ තෙන්නකෝන්

සභාපති ජාතික ගොවිජන එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More