දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසළ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
හෝමාගම පොලීසිය පැවසුවේ අද (29) සවස් කාලයේ සිට දැඩි රථවාහන තදබදයක් එම ප්‍රදේශයේ හටගෙන තිබූ බවයි.
අද මධ්‍යම රාත්‍රියේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට රජය දැනුම්දීමත් සමග විවිධ රාජකාරි සඳහා පැමිණ රැදී සිටි විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට යාම සඳහා පැමිණීම මෙම රථවාහන තදබදයට හේතුව බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙසට රජය දැනුම් දුන්නද මෙලෙස පිටවයාම වරදක් බව පොලීසිය රියදුරන්ට දැඩි ලෙස අවවාද කළ බව ද පොලීසිය කියයි.
මෙම තත්ත්වයත් සමග කොට්ටාව පිවිසුමේ සිට කොළඹ දෙසට කිලෝමීටරක පමණ දුරක තෙක් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...