ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුවකින් එම්.සී.සී ගිවිසුම අත්සන් නොකරන බවත්, එම්.සී.සී ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක් තමා විසින් නියෝජනය නොකරන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා ඒ බව පැවසුවේ අද දින ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.
එහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ තමා දන්නා තරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මුණ ගැසීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිඳු උවමනාවක් නොතිබූ බවය.
මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමට උත්සහා නොකළ බවද ඔහු සඳහන් කළේ ය.
https://www.facebook.com/WimalWeerawansa.sl/videos/380742263063596/?t=2
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...