දේශීය පුවත්

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්,ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමේ බරපතල තත්ත්වයක් පවතින බව රජය මෙන්ම ජනතාවද අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියේය.

එනිසා වෛරසය ආසාදනය හේතුවෙන් ජීවිත අවදානමට ලක්විය හැකි සමාජ කොටස් රැකගැනීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග අනුගමණය කළ යුතු බවද වෛද්‍යය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

යම් කිසි විධියකින් එසේ නොකලහොත් කොව්ඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇතිවන සංකූලතා මත සිදුවන මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි ද ඒ මහතා අනතුරු අඟවයි.

රටක් වශයෙන් මෙම තත්ත්වයට මුහුණ දීමටඉදිරි මාස දෙකක කාලය ඇතුළත විශාල ඉඩකඩක් ඇති නමුත් එම තත්ත්වය තවමත් පවතින්නේ වළක්වා ගත හැකි මට්ටමේ බවද ඒ මහතා අවධාරණය කළේය.

එනිසා රජය රටේ එක් එක් ප්‍රදේශවල කොවිඩ්19 වෛරසය ආසාදනයේ ඇති නියම තත්වය සහ එහි ඇති සැබෑ අවදානම එම ජනයාට නොසඟවා පැවසිය යුතු බවද ඔහු අවධාරනය කර සිටියේය.

එසේ රජයේ පාර්ශවයෙන් ඇති තතු ජනතාව හමුවේ තැබීමෙන් පමණක් ජනතාව වගකීම් සහගතව සහගතව හැසිරීමට යම් පෙළඹවීමක් ඇති වෙනු ඇතැයිද ඔහු පෙන්වා දෙන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More