දේශීය පුවත්

පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම්ව සිටියදී ඊට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ, දේශප්‍රේමීත්වය පිළිබඳව සිංහ නාද පැවැත්වූ පුද්ගලයන් අද සැඟවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද ඔවුන්ගේ සිංහ නාද තබා බලු කෙඳිරියක් හෝ නොමැති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සුහදතාවය සඳහා පැමිණෙන ගමනක් හෝ නෑදෑ ගමනක් හෝ ලෙස සැලකිය නොහැකි බවයි අනුර දිසානායක මහතා පවසයි.

එසේම මෙය මැදමුලන වලව්වේ පොල් වත්ත බදුදීම පිළිබඳ ප්‍රශ්නක් හෝ නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරයේ අරමුණ වී තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ ඇමරිකානු යුද ආධිපත්‍යය තහවුරු කර ගැනීම බවත් පොම්පෙයෝ මහතා ඉන්දියාවට, මාලදිවයිනට සහ ඉන්දුනීසියාවට යන්නේද ඒ අරමුණ වෙනුවෙන් බවත් අනුර දිසානායක මහතා පවසයි.

ඉතිහාසය පුරා සිටි පාලකයන් ලබාගත් ණය කන්ද හමුවේ මේ වනවිට ලෝක බලවතුන්ගේ ක්‍රීඩාවේ පාපන්දුව බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද ජවිපෙ නායකයා සඳහන් කරයි.

විශේෂයෙන් ඉන්දියාව, චීනය සහ ඇමරිකාව යන රටවල පාපහර කෑමට සහ ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවද ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More