දේශීය පුවත්

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමුකොට කැපවීමෙන් යුතුව ස්වකීය රාජකාරී උපරිමයෙන් ඉටුකිරීමට සියලුම රජයේ නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවය.

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ ආයතන ප්‍රධානීන් විසින් අනුගමනය කළ යුතු උපදෙස් අතුළත් කරමින් ජනාධිපති ලේකම් විසින් නිතුක් කළ 2020 අප්‍රේල් මස 15 වැනි දිනැති අංක PS/GPA/චක්‍රලේඛන/20/2020 චක්‍රලේඛය සහ 2020 මැයි මස 14 දිනැති අංක PS/GPAචක්‍රලේඛන/21/2020 චක්‍රලේඛය වෙත අවදානය යොමුකර එම චක්‍රලේඛයන්හි සඳහන් උපදෙස් පරිදි නිලධාරීන් සේවයට කැඳවීම සහ ආයතන පවත්වාගෙන යාම කළ යුතු බව ඔහු පවසයි.

“එකී චක්‍රලේඛයන්හි සඳහන් පරදි රජයේ නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද මෙයින් දන්වා සිටිමි,“ යනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More