දේශීය පුවත්

මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරය කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.

නමුත් දෙරට අතර සබඳතාව ශ්‍රී ලංකාව කුමන තීරණයක් ගත්ත ද වෙනස් නොවන බව ඔහු පවසයි.

අද දෙරණ සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ජාවකදී ඔහු මේ බව පැවසීය.

“අප විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් එකත් එකක්. එය නොගැලපේ යැයි ශ්‍රී ලංකාව තීරණය කළහොත් එවිට ශ්‍රී ලංකාව තීරණය කරාවි එය පිළිනොගෙන සිටීමට. අපගේ සබඳතාවේ ශක්තිය, ගැඹුර සහ සංකීර්ණත්වය එක් ගනුදෙනුවකට හෝ එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක්.”

අමෙරිකාව සහ චීනය කටයුතු කරන ආකාරය ගැන ඔහු පැවසුවේ මෙවැන්නකි.

“අමෙරිකාව නිරතුරුවම ඉදිරිපත් කරන්නේ සමාගම්, පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය, සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ. අපි එන්නේ නෑ ණය පැකේජ සමග එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රජයන් ට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්.

— Derana —



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More