දේශීය පුවත්

කොවිඩ් වසංගතය නිසා රෝහල් කෙතරම් දරුණු අර්බුදයකට ලක්ව ඇත්ද කියතොත් කොරෝනා වයිරසය ආසාදනය වී සිටින වෛද්‍යවරුන්ට පවා එක දිගටම සේවය කිරීමට සිදුව ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය වැඩි වශයෙන්ම දක්නට ඇත්තේ බෙල්ජියමේ ලියෙෂ් නමැති ප්‍රදේශයේය. එහි රෝහල් කාර්ය මණ්ඩලවල අයගෙන් හතරෙන් එකක් පමණ මේ වන විට ආසාදිතයන් බවට පත්ව ඇති බව අනාවරණය වේ.

වයිරසය ආසාදනය වී ඇතත් රෝග ලක්‍ෂණ නොපෙන්වන වෛද්‍යවරුන්ට තවදුරටත් සේවය සඳහා වාර්තා කරන ලෙස එරට රෝහල් රැසකින් ඉල්ලීම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම වෛද්‍යවරුන් හරහා වෙනත් රෝගීන්ටද කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතත් එරට ඇතිව තිබෙන බැරෑරුම් තත්ත්වය තුළ රෝහල්වලට වෙනත් විකල්පයක් නැතිව ගොස් ඇති බව පැවසේ.

වෛද්‍යවරුන් නිවාඩු ගතහොත් රෝහල් පද්ධතිය තව දින කිහිපයක් ඇතුළත විශාල අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට බලධාරීන් අනතුරු අඟවා ඇත. මෙම ප්‍රදේශයේ කොවිඩ් පරීක්‍ෂාවන්ට ලක් කරන සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු ආසාදිතයකු ලෙස අනාවරණය වන බවද සඳහන්ය. බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය ෆ්‍රෑන්ක් වැන්ඩර්බෲක් පසුගිය දා පවසා තිබුණේ එරට තුළ කොවිඩ් වසංගතය සුනාමියක් සේ පැතිරෙන්නට පටන්ගෙන ඇති බව සහ එය පාලනයෙන් ගිලිහී ඇති බවයි. මේ වනවිට ඉහත කී ලියෙෂ් ප්‍රදේශයේ රෝහල්වල සියලුම හදිසි නොවන ශල්‍යකර්ම කල් දමා තිබේ. රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්ය.

මේ වන විට සමස්ත යුරෝපය තුළම දක්නට ඇත්තේ ඉතා බියජනක තත්ත්වයක් බව රහසක් නොවේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයද නිරන්තරයෙන් අනතුරු අඟවමින් සිටියි. මෙම තත්ත්වය ජය ගැනීමට නම් දැඩි සංචරණ සීමා, නිවෙස් තුළම රැඳී සිටීමේ නියෝග මෙන්ම රටවල් පිටින් අගුළුලෑම්ද ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව එම සංවිධානයෙහි හදිසි තත්ත්වයන් සම්බන්ධ අධ්‍යක්‍ෂවරයා වන වෛද්‍ය මයික් රයන් සඳහන් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More