දේශීය පුවත්

දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ.

ඉන්දියානු සංචාරය නිමවා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියේය.

රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස රාත්‍රි 07.35ට පමණ අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් බෝයින් 757 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව “අද දෙරණ” ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරින් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමෙන් පසු ව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විමට නියමිතව තිබේ.

එම මාධ්‍ය හමුවෙන් අනතුරුව පොම්පියෝ මහතා කොච්චිකඩේ දේවස්ථානයේ නිරික්ෂණයකට එක් වීමට නියමිත බව වාර්තා වේ.

අද දහවල් ආමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරය අවසන් කර මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More