ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝගේ අභිරහස් ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බව ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ ඇතුළු මහාසංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් පවසති.
රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම හදිසියේ සිදු කිරීමට හේතුව කුමක්ද යන්න රජය මෙතෙක් හෙළි කර නැති නමුත් එම සංචාරය සමස්තයක් වශයෙන් ඉන්දියානු පැසිපික් කලාපයේ ඇමරිකානු – ඉන්දියානු හමුදා ව්‍යාප්තිය හා ආරක්ෂාව තහවුරු කර ගැනීම අරමුණු කරගෙන සිදු කරන්නක් බව පැහැදිලි යැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි. රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට පෙරම ශ්‍රී ලංකාව දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය තීරණ ගත යුතුව ඇතැයි යනුවෙන් තර්ජනාත්මකව කළ ප්‍රකාශයට ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව කනස්සල්ල පළ කරන බවත් උන්වහන්සේලා සඳහන් කරති. මෙරට යුද විරුවන් යුද අපරාධකරුවන් ලෙස නම්කර වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුළු වීම පවා තහනම් කළ මයිකල් පොම්පියෝ වැනි රටටත් ජාතියටත් ද්‍රෝහී වූවන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පිළිගැනීමට තරම් රටේ නායකයන් දුබල වී සිටීද යන ගැටලුව ඇතැයි උන්වහන්සේලා පවසති.
අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, මල්වානේ චන්දරතන හා කපුගොල්ලාගම ආනන්ද යන ස්ථවීරයන් වහන්සේලාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...