දේශීය පුවත්

හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති සබජ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා සැඟවී සිටි දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි තෙමහල් නිවසේ තුන්වන මහලේ සිට ඔහුට අයත් ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (28) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවේ නිලධාරීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙම ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බව ඒ මහතා අධිකරණය හමුවේ විමර්ශනය සම්බන්දයෙන් කරුණු දක්වමින් කියා සිටියේය.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මේ වනවිට අත්අඩංගුවේ පසුවන නිල රථයේ කාපට් එක යට ඔහු සැඟවී පලා යන අවස්ථාවේ ඔහුට අයත් පාර්ලිමේන්තු නිල හැඳුනුම්පත සහ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති හැදුනුම්පත සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More