චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට එක්සත් ජනපදය ‘සීතල යුද’ මානසිකත්වයකින් මැදිහත් වෙමින් සිටින බව චීනය චෝදනා කරයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණීමට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ මේ මොහොතේ එක්සත් ජනපදය සිදුකරන ප්‍රකාශ අධිපතිවාදී මානසිභාවයෙන් පිරී ඇති බවයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමත් සමග දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්සන් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාව මේ මොහොතේ ‘සිය විදේශ සබඳතා සම්බන්ධයෙන් දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගත යුතුය යනුවෙනි.
ඩීන් තොම්සන්ගේ මෙම ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
‘එක්සත් ජනපද නිලධාරියාගේ ප්‍රකාශය සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී ඇති නමුත් එම අධිපතිවාදී මානසිකත්වය අසාර්ථක වනු ඇත. එමගින් වෙනත් රටවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීමේ එක්සත් ජනපද පුරුද්ද මුළුමනින්ම හෙළි වේ. දේශීය හා විදේශීය ප්‍රතිපත්ති තෝරා ගැනීමට කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට එක්සත් ජනපදය බලකරමින් සිටී
යැයි චීන තානාපති කාර්යාලය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...