දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය 2020.10.07 වන දින සිට 2020.12.05 දක්වා දීර්ඝ කර තිබේ.
එම වීසා දීර්ඝ කිරීමට අදාළව, වීසා ගාස්තු ගෙවීම හා වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ඉදිරියේ දී දැනුම්දෙන බව ද එම නිවේදනයේ දැක්වේ.
එම කාලය තුළ දිවයිනෙන් බැහැර වීමට අවශ්‍ය නම්, වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකි අතර, එහිදී කිසිදු දඩ මුදලක් අය කරනු නොලැබේ.
දැනටමත් වීසා ලබාගැනීම සඳහා ගමන් බලපත්‍ර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශය වෙත ලබා දී ඇත්නම්, එහිදී ඔබ වෙත ලබා දී ඇති පිළිගැනීම් රිසිට් පත්‍රයෙහි (Acknow Ledgement)වලංගු කාලය ද දින 60කින් එනම් දෙසැම්බර් 5 වන දින තෙක් දීර්ඝ කර ඇත.
මෙම කාලය තුළ දී දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් පමණක් ඔබගේ ගමන් බලපත්‍රය මෙම දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම සඳහා ඉල්ලීමක්, අදාළ පිළිගැනීම් රිසිට්පතේ (Acknowledment)පිටපතක් හා ගුවන් ටිකට් පත්‍රයෙහි පිටපතක් සමග පහත විද්‍යුත් ලිපිනයන් වෙත යොමු කර අවශ්‍ය උපදෙස් දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත හැකිය.
dcvisa@immigration.gov.lk
acvisal@immigration.gov.lk
acvisa2@immigration.gov.lk
විමසීම් සඳහා – 070 710 10 50
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...